(ඔගස්ටා පෙරේරා)
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළේය.
පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450 ක් විය යුතු බවත් එහි ඉඩදිය හැකි ඌනතාව ග්රෑම් 13.5 ක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පාන් භාගයක නියමිත බර ග්රෑම් 225 ක් වියයුතු අතර එහි ඉඩදිය හැකි ඌනතාව ග්රෑම් 9 කට නොවැඩි විය යුතු බවත් එම නිවේදනයෙන් පවසයි.
විකිණීමට තබා ඇති පාන් ප්රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙණෙන ලෙස සඳහන් විය යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඊයේ (1) රාත්රී නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්ව තිබේ.


