(අනුෂ්ක ගීතාංජන)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉම්යුනිග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරු 9.30 සිට පැය 10 කට අධික කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඉන් පසුව රාත්‍රී 7.00 ට පමණ අත්අඩංගුවට ගත්තේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට (3) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය කීය


