ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ජයගනී

ෂෙනික ගමගේ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..)


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට අද (5) පස්වරුවේ සමත් විය.
තරගයේ සිවුවැනි දිනය වූ අද (5) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල ලකුණු 56 ක ඉලක්කය ඕවර 7.2 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (4) පස්වරුවේ තරගය අත්හිටුවන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් රැස්කරමින් ලකුණු 42 ක් පමණක් පසු පසින් සිටි ඇෆ්ගනිස්තාන් දෙවැනි ඉනිම ලකුණු 296 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 107 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඇෆ්ගනිස්තාන් පිල පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.2 කදී සියලු දෙනා දැවී 439
(ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සදීර සමරවික්‍රම 27,  චාමික ගුණසේකර 16, නිජාට් මෂූඩ් 76/2, නවීඩ් ශද්‍රාන් 83/4, කුයිස් අහමඩ් 98/2)
ඇෆ්ගනිස්තාන් පිල දෙවැනි ඉනිම ඕවර 112.3 කදී සියලු දෙනා දැවී 296
(ඊබ්‍රහිම් ශද්‍රාන් 114, නූර් අලී ශද්‍රාන් 47, රහමට් ෂා 54, නසීර් ජමාල් නොදැවී 41, අසිත ප්‍රනාන්දු 63/3, කසුන් රාජිත 59/2, ප්‍රභාත් ජයසූරිය 107/5)
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 7.2 කදී කිසිවකු නොදැවී 56
(දිමුත් කරුණාරත්න නොදැවී 32, නිෂාන් මධුෂ්ක නොදැවී 22) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.