අනුරට ඉන්දීය විදේශඇමතිගෙන් උණුසුම් පිළිගැනීමක්

(ඔගස්ටා පෙරේරා)


 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේදී අද (5) පැවැත්විණි.  
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවත් ජාතික ජන බලවේගය පැවසීය.  
මෙම ඉන්දීය සංචාරයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු ද එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.