අසලංකට ශතකය එපා වුණාද?

(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ උපනායක චරිත් අසංලක සිවුවැනි එක්දින ශතකය රැස්කිරීමට අවස්ථාව මඟ හැරගත්තේය.
ලකුණු 96 ක් රැස්කර සිටි අසලංක 50 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට වේගවත් පහරක් ගැසුවත් එය යාර 30 සීමාවෙන් එළියට නොගියේය. පන්දු රක්නිනා පන්දු රැකගන්නා විට අසංක ලකුණක් කරා දිවගොස් තිබුණි.
පන්දු යවන්නාගේ අන්තයේ සිටි වනිඳු හසරංග ලකුණ ගැනීමට සූදානම්ව නොසිටි අතර අසලංක දිවයන විට ‘ඇයි දිව්වේ’යැයි හැරී විමසා සිටියේය. අවසන් පන්දුවට වනිඳු දැවී ගියේය.  
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කිරීමට සමත් විය.  
අසලංක අවසන් ඕවර කීපයේදී දියත් කළ වේගවත් ඉනිමත් සමඟ පන්දු 74 කිදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කළේය.  
නායක කුසල් මෙන්ඩිස් (61) සහ සදීර සමරවික්‍රම (52) අර්ධ ශතක සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 308
(පැතුම් නිස්සංක 18, කුසල් මෙන්ඩිස් 61, සදීර සමරවික්‍රම 52, චරිත් අසලංක නොදැවී 97, ජනිත් ලියනගේ 50, වනිඳු හසරංග 14, අස්මතුල්ලා ඔමල්ෂායි 56/3, ෆෂාල්හක් ෆාරුක් 55/1, නූර් අහමඩ් 54/1, කුයිස් අහමඩ් 55/1) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.