කටුවාන ගින්නෙන් 5 ක් මරුට

(මධූෂිකා පෙරේරා)
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (21) පෙරවරුවේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් පස්දෙනකු මියගොස් ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය මීට සුළු මොහොතකට පෙර පැවසීය.
තුවාල ලැබූ පුද්ගලයන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය සඳහන් කළේය.
පෙරවරු 10.00 ට පමණ ගින්න හටගන්නා අවස්ථාවේදී එම කර්මාන්තශාලාව තුළ සේවයක් 80 ක් පමණ සේවයේ නිරතව සිට ඇති බවත් කර්මාන්තශාලාව තුළ තවත් පුද්ගලයන් සිරවී සිටීදැයි පරීක්‍ෂා කරන බවත් පොලිසිය කීය.  
කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් අළුවී ඇති බව කියන පොලිසිය තව දුරටත් ගින්න පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  
කර්මාන්තශාලාවේ ගින්න නිවීම සදඟා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස යන මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 12 ක් යොදවා ඇති අතර ගින්න පැතිර යෑමත් සමඟ හෝමාගම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කළු දුමෙන් වැසී ගියේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.