(සාලිය සමන්)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල රුපියල් 1,280 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
නව ලාෆ් ගෑස් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද එම සමාගම පැවසීය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,280 කින් අඩු කළ බවත් එහි නව මිල රුපියල් 4,965 ක් බවත් එම සමාගම සඳහන් කළේය.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 512 කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 1,988 ක් බවට පත් වූ බව ද ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් කීය.


