ශ්‍රී ලංකාවෙන් ‘ඇෆ්ගන්ට’ ෆුල් සුද්දයක්

(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (14) සමත් විය.  
පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක පහසු ජයක් ලැබීය.
ශ්‍රී ලංකා පිල ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
පළමු තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කරමින් වාර්තා ගොන්නක් බිහිකළ පැතුම් නිස්සංක පන්දු 101 කින් හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය.
අවිෂ්ක ප්‍රනාන්දු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කින් හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.  
පැතුම් සහ අවිෂ්ක ඉනිම ආරම්භයේ සිටම ඇෆ්ගන් පන්දු යවන්නන් පහර පිට පහර දෙමින් පන්දු 138 කින් ලකුණු 173 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතුකරගැනීමට සමත් වූහ.  
ඇෆ්ගනිස්තානු පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 266
(රමනුල්ලා ගුර්බාෂ් 48, රහමට් ෂා 65, අස්මතුල්ලා ඔමල්ෂායි 54, ඉක්‍රම් අලිකිල් 32, අසිත ප්‍රනාන්දු 44/2, ප්‍රමෝද් මධුෂාන් 45/3, දුනිත් වෙල්ලාලග් 38/2, අකිල ධනංජය 54/2)
ශ්‍රී ලංකා පිල ඕවර 35.2 කදී කඩුලු 3 ට 267
(පැතුම් නිස්සංක 118, අවිෂ්ක ප්‍රනාන්දු 91, කුසල් මෙන්ඩිස් 40, මොහොමඩ් නබී 46/1, කුයිස් අහමඩ් 46/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.