ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගන් පිල පාලනය කරති

(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් පිල ඕවර 48.2 කදී ලකුණු 266 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
රහමට් ෂා (65) සහ රමනුල්ලා ගුර්බාෂ් (48) දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 57 ක සම්බන්ධතාව හේතුවෙන් 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුව වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 96 ක් රැස්කර ඇෆ්ගනිස්තානය ප්‍රබල තත්වයක පසුවිය.
අකිල ධනංජය සහ දුනිල් වෙල්ලාලගේ ඉනිම මැදදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමෙන් ඇෆ්ගනිස්තානු පිලට ලකුණු 300 කට යෑමට තිබූ අවස්ථාව අහිමිවිය.
ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු ඉනිමේ අවසන් ඕවර කීපයේදී ඇෆ්ගන් පිතිකරුවන් පාලනය කිරිමෙන් ඉනිම ලකුණු 266 කට සිමාවිය.  
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 266
(රමනුල්ලා ගුර්බාෂ් 48, රහමට් ෂා 65, අස්මතුල්ලා ඔමල්ෂායි 54, ඉක්‍රම් අලිකිල් 32, දුනිත් වෙල්ලාලග් 38/2, අකිල ධනංජය 54/2, ප්‍රමෝද් මධුෂාන් 45/3, අසිත ප්‍රනාන්දු 44/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.