ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්තානු පිල අතර රංගිරි දඹුල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 17 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මිලදීගැනීම සඳහා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.
ප්‍රවේශපත් කවුළු විවෘත කළ අද දිනයේ පළමු තරගයේ ප්‍රවේශපත් පමණක් ප්‍රේක්‍ෂකයන්ට අළෙවි කළ බවත් එම තරගයේ ප්‍රවේශපත් වැඩි ප්‍රමාණයක් අද පස්වරුව වන විට අළෙවි වී තිබූ බවත් ක්‍රිකට් ආයතනය පැවසීය.



