ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කොළඹදී පවත්වන උත්සවයකදී ඇලන් මහත්මිය ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්රජාතන්ත්රවාදය කෙරෙහි එහි බලපෑම‘ යන තේමාව යටතේ අනිද්දා (20) විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
ජෝර්දානයේ සංචාරයකින් පසුව පැමිණි එලිසබෙත් ඇලන් මහත්මිය මෙරට රාජ්‍ය නායකයන්, රාජ්‍ය නිලධාරීන්, ජනමාධ්‍යවේදීන්, ඩිජිටල් ක්‍රියාකාරීන් සහ තරුණ මහජන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද හමුවීමට නියමිතය.


