(ෂෙනික ගමගේ, රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ අද (19) රාත්රී පැවැති දෙවැනි තරගයෙන් ශ්රී ලංකා ක්රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ.
ශ්රී ලංකා පිල මෙම ජයග්රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
ශ්රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමා කිරීමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් (9/2) දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවාගනිමින් ලබාගත් සාර්ථක ආරම්භයත් සමඟ ජයගග්රහණය පහසු විය.
පන්දු 22 කින් නොදැවී ලකුණු 42 ක් ද රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187
(පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2)
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 17 කදී සියලු දෙනා දැවී 115
(මොහොමඩ් නබී 27, කරීම් ජනට් 28, ඇන්ජලෝ මැතිව්ස් 9/2, බිනුර ප්රනාන්දු 18/2, වනිඳු හසරංග 19/2, මතීෂ පතිරණ 22/2)



