සනත් නිශාන්තගේ රියදුරු හඩාවැටෙයි


(ඔගස්ටා පෙරේරා)


කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරකට පත්ව මරණයට පත්වූ හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ප්‍රභාත් එරංග මහතා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි කණස්සල්ලෙන් කථා කළ බව බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මාරක රිය අනතුර සම්බන්ධ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී රියදුරු විදේශගත වීමේ සූදානමක් ඇතැයි සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී රියදුරු එසේ දැඩි කණස්සල්ලෙන් යුතුව අධිකණයේ කරුණු දැක්වා තිබේ.
සනත් නිශාන්ත අමාත්‍යවරයා ජීවත්ව සිටියේ නම් තමන්ට මේ ආකාරයට නොසළකන බවත් අනතුරෙන් පසුව සිය රැකියාව අහිමිකිරීම හේතුවෙන් ආදායම් මාර්ග අහිමිවී ඇති බවත් ප්‍රභාත් එරංග මහතා පවසා තිබේ.
කෙසේ වෙතත් රියදුරගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.