(ෂෙනික ගමගේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 42) වේගවත් ඉනිම නිසා ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 දී කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් රැස්කළේය.
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රියාත්මක වෙනුවෙන් අවසන් ඕවර කීපයේදී ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් අනපේක්‍ෂිත ප්‍රහාරයකට ලක්කළේය. මැතිව්ස් පන්දු 22 කින් හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 42 න් ශ්‍රී ලංකාවට ලකුණු 187 ක් දක්වා ඒමට මඟ පැදුණි.
සදීර සමරවික්‍රම පන්දු 42 කින් හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187
(පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2)



