(ෂෙනික ගමගේ)
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය 21 වැනිදා පැවැති තුන්වැනි විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණු ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට විස්සයි20 තරග දෙකක තහනම් සහ එම තරගයේ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (23) පස්වරුවේ පියවර ගත්තේය.
එම දඩුවමත් සමඟ වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.
එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද හිමිව ඇති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව එම දඩුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දී තිබේ.
නිපන්දුවක් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එහිදී වනිඳු ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා සමඟ ගැටීමක් ඇතිකරගැනීම සහ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) මෙම දඩුවම් පනවා තිබේ.


