වනිඳුට අයි.සී.සී. තහනම මඟ එනවා


(ෂෙනික ගමගේ)
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය 21 වැනිදා පැවැති විස්සයි20 තරගයෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඔහුට තහනමක් පනවනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.
මෙම සිද්ධිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව දෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව සැළකීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එසේ වුවහොත් වනිඳුට ටෙස්ට් තරගයක හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි20 දෙකක් තහනම් කිරීමේ අවදානමක් පවතී.
එවැනි තහනමක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී ඇද්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් අද (23) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මේ දක්වා දඩුවමක් පිළිබඳව දැනුවත් කර නොමැති බවයි.
එවැනි සිද්ධියකදී තරග තීරකවරයාගේ පරීක්‍ෂණයකින් පසුව නිර්දේශ අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යොමු කරන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.