(සාලිය සමන්)
ඉන්ධන මිලේ මෙම මාර්තු මස තුළ වෙනසක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (1) පෙරවරුවේ පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන ‘මිල පසුගිය සති කීපයේදී අඛණ්ඩව අඩුවෙමින් පැවතීම නිසා මිල සංශෝධනය නොකරන බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 371 ක, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 456 ක, ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 468 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 262 ක මෙම මස තුළ පවතින බව ද එම නිලධාරියා කීය.


