(ඔගස්ටා පෙරේරා)
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ද ‘කෝප්’ කමිටුවෙන් අද (20) පෙරවරුවේ ඉල්ලා අස්වූහ.
එම දෙපළගේ ඉල්ලා අස්වීමත් සමඟ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ‘කෝප්’ කමිටුවේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව අද (20) මධ්‍යහන 12.00 වන විට ‘කෝප්’ කමිටුවේ සාමාජිකකයන් 10 ක් ඉල්ලා අස්වී තිබේ.


