(ඔගස්ටා පෙරේරා)
පාස්කු ප්රහාරය සත්ය වශයෙන්ම කළ පුද්ගලයන් තමන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳව ප්රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.
එම හෙළිකිරීමේ රහස්යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්රීපාල සිරිසේන කීය.
‘පාස්තු දින’ ත්රස්ත ප්රහාරයට සම්බන්ධව ත්රිපුද්ගල අධිකරණයක් හමුවේ ඉදිරිපත් කර ඇත්තේ සිය පාලන කාලයේ අත්අඩංගුවට ගත් ත්රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්රස්ත ප්රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්රකාශ කර නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
මහනුවර, අස්ගිරිය මහා විහාර ඵෙතිහාසික ගෙඩිගේ රජමහා විහාරයේ නව ධර්ම මන්දියර විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එසේ කීය.


