(ෂෙනික ගමගේ)
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් පිලට රුපියල් කෝටියක විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම ඇගයීමේදී ශ්‍රී ලංකා පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට සැළසුම්කර ඇති බව ද දැනගන්නට තිබේ.
එම ත්‍යාගය කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට පිරිනැමීමට සැළසුම් කර ඇති බව ද වාර්තා වේ.


