විදේශ රැකියා වංචාකරු නිදැල්ලේ: ජනතාව විරෝධතාවයේ  


(ජනක කරුණාසේකර)
විදේශ රැකියා දෙන බවට ජනතාව මුලාකරමින් රුපියල් කෝටි 26 කට අධික මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් අගතියට පත් පුද්ගලයන් සියයකට අධික පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වූහ.  
රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ හයේ සිට ලක්‍ෂ 25 දක්වා මුදල් එම  විදේශ රැකියා නියෝජිත ආයතනය ලබාගෙන ඇති බවත් එම මුදල් වෙනුවට මුදල් දුන් පුද්ගලයන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පවසති.
එම වංචාව සම්බන්ධයෙන් මහරගම පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි කළ ද නීතිය ක්‍රියාත්මක නොවන බව විරෝධතාකරුවෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.