මුහුද ‘කුරිරු’ වියහැකියි


(ජනක කරුණාසේකර)
මුහුදේ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු අතර තද සුළං සහ මුහුද රළු  ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර 2.5-3.0 ක් පමණ සහ තරංග කාලය තත්පර 12 – 16 ක්  පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති අතර කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.