(විරාන් සවිතු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රිට් අඥාවක් අද (8) නිකුත් කළේය.
ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් වීම නිසා ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ඉදිරිපත් කළ අභියාචනාවක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.


