(ෂෙනික ගමගේ)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝක්හිදී අද (3) පැවැත්වේ.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමතය.
රටවල් 20 ක් සහභාගි වන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර එම කාණ්ඩයට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය යන රටවල් ද ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව ඩලාස්හිදී මේ මස 8 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ට ද, තෙවැනි තරගය නේපාලයට එරෙහිව ෆ්ලොරීඩාහිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.00 ට ද, ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිවුවැනි සහ අවසන් තරගය නෙදර්ලනත්යට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්හි ශාන්ත ලුසියාහිදී මේ මස 17 වැනිදා පැවැත්වෙන අතර එම තරගය පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිතය.


