(ඔගස්ටා පෙරේරා)
සිමෙන්ති මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති සමාගම් නිවේදනය කරයි.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2,250 ක් බවත් මෙම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්රියාත්මක බවත් සිමෙන්ති සමාගම් සඳහන් කරයි.
ඩොලරයේ අගය පහළ බැසීම පිළිබඳව අවදානය යෙමු කර මෙම අඩුකිරීම කළ බව ද සිමෙන්ති සමාගම් වැඩි දුරටත් කියයි.


