(සාලිය සමන්)
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සේවකයෙක්ට පහරදීමේ සිද්ධිය පිළිබඳව ‘අලුත් පියාපත්’ සංවිධානය අද (17) පස්වරුවේ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කළේය.
කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානයට ගොස් එම පැමිණිල්ල කළ බවත් අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් එහිදී ඉල්ලීමක් කළ බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.


