කාලගුණය 17 ක් බිලිගනී


(සාලිය සමන්)
වර්ෂාව සහ සුළං තත්වයෙන් ආපදාවට පත්වීම හේතුවෙන් පුද්ගලයින් 17 ක් මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 6 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 5 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 3 ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 2ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණයක් ලෙස මරණ 17 වාර්තා වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
එම ආපදා හේතුවෙන් පුද්ගලයෙක් අතුරුදහන්ව ඇති බවත් පුද්ගලයන් 13 ක් තුවාල ලබා ඇති බවත් එම නිලධාරියා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.