(සාලිය සමන්)
විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලිබල හා බලශක්තිය අමාත්ය කාංචන විජේසේකර මහතා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනාව හෙට හෝ ලබන සදුදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බව ද අමාත්යවරයා කීය.
විදුලි ගාස්තු අඩු කිරීමේදී විදුලි ඒකකයක මිල ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.


