(ඔගස්ටා පෙරේරා)
නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ කිසිඳු සම්බන්ධයෙක් හෝ වගකීම් නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අද (6) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මහලේකම් රදගුරු ජේ. ඩී. ඇන්තනී ජයකොඩි යන පියතුමන්ලාගේ අස්සනින් එම නිවේදනය නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පාවිච්චි කරමින් නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ජනාධිපතිවරයාගේ අභිප්‍රාය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතාගෙන් දිගින් දිගටම ලිඛිතව ඉල්ලීම් කළ ද එම ඉල්ලීම් නොසළකාහැරි බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව එම නිවේදනයෙන් සඳහන් කරයි.
නීතිපතිතුමාගේ ධූර කාලය දීර්ඝ කිරීම පිළිබඳව යම් අයකුට ප්‍රශ්නයක් ඇත්නම් එම ගැටලුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නොමඟයවන සුලු ද්වේෂසහගත ප්‍රකාශයක් බවත් නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරන මුවාවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අපකීර්තියට පත්කිරීමට දරන අනර්ථකාරී උත්සහයට එම සභාව කිසිසේත්ම හවුල් නොවන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.



