ඩිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකාවට නව ක්‍රීඩාවක්


(විරාන් සවිතු)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ මූලිකත්වයෙන් ආමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන ‘කොර්න්හෝල්’ ක්‍රීඩාව අද (9) ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය.
මෙම ක්‍රීඩාව හදුන්වා දෙමින් ‘සිලෝන් කොර්න්හෝල් සංගමය’ නමින් නව ක්‍රීඩා සංගමයක් ද පිහිටුවීය.
‘කොර්න්හෝල්’ ලෝකයේ රටවල් 17 ක ක්‍රියාත්මක වන බවත් ‘සිලෝන් කොර්න්හෝල් සංගමය’ මෙරට 63 වැනි ජාතික ක්‍රීඩා සංගමය වනු ඇති බවත් තිලකරත්න ඩිල්ෂාන් මහතා පැවසීය.
‘කොර්න්හෝල්’ ලෝක කුසලාන තරගාවලියක් ජර්මනියේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන බවත් එම තරගාවවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි කරවීමට බලාපොරොත්තු වන බවත් ඩිල්ෂාන් මහතා කීය.
ලෝක කුසලානයට පෙර මෙරටදී ඉන්දියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල්වල ද සහභාගිත්වයෙන් ආසියානු ‘කොර්න්හෝල්’ තරගාවලියෙක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව කී ඩිල්ෂාන් මහතා ‘කොර්න්හෝල්’ පුහුණුවීම් ලබන මස 1 වැනිදා සිට කොළඹ ‘ඩී පැවිලියන්’ හෝටලටෙය්දී ආරම්භ අතර ඒ සඳහා ක්‍රීඩාවට කැමති ඕනෑම කෙනෙකුට සහභාගි වියහැකි බව ද සඳහන් කළේය.
‘කොර්න්හෝල්’ ක්‍රීඩාව හදුන්වාදීමේ අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද් සහ සමන් ජයන්ත සහභාගි වූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.