දකුණු අප්‍රිකාව ලකුණු 113 ක් රැස්කරයි


(චින්තක පෙරේරා)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඩී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 113 ක් රැස්කළේය.
බංග්ලාදේශය ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.7 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 114 ක් රැස්කළ යුතුය.
දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 23 කට බිඳ වැටීමෙන් පසුව හෙන්රිච් ක්ලාසීන් සහ ඩේවිඩ් මිලර් සිවුවැනි කඩුල්ලට ලකුණු 79 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.  
හෙන්රිච් ක්ලාසීන් පන්දු 44 කින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
බංග්ලාදේශ වේග පන්දු යවන්නන් වන ටන්ෂිම් හසන් සකීබ් (18/3) සහ ටක්කින් අහමඩ් (19/2) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.
දකුණු අප්‍රිකානු පිල ඕවර 20 කදී කඩුලු 6 ට 113
(කුවින්ටන් ඩි කොක් 18, හෙන්රිච් ක්ලාසීන් 46, ඩේවිඩ් මිලර් 29, ටන්ෂිම් හසන් සකීබ් 18/3, ටක්කින් අහමඩ් 19/2) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.