දුම්රිය වැඩවර්ජනය අවසන්

(සාලිය සමන්)

දුම්රිය රියදුරන් පිරිසක් දින හතරක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අද දහවල් පැවැති සාකච්ඡාව සාර්ථක වීම නිසා වර්ජනය අත්හැරි බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.  
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින හතරකට ආසන්න කාලයක් වර්ජනය ක්‍රියාත්මක කළේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.