(ෂෙනික ගමගේ)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලයන් වන පාකිස්තානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනට ඉවත්වීමට සිදුවීම කැපී පෙනේ.
විස්සයි20 ලෝක කුසලානයට කෝඬුකාරයන් වන සත්කාරක ඇමෙරිකාව දෙවැනි වටය හෙවත් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම මෙහිදී කැපී පෙනේ.
පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව, ‘බී’ කාණ්ඩයෙන් ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය, ‘සී’ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් සහ ‘බී’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය.
දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව අතර තරගයෙන් ‘සුපිරි අට’ වටයේ තරග අනිද්දා (19) ආරම්භ වේ.


