(ඔගස්ටා පෙරේරා)
ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 27 කින් අඩු කළ බවත් මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත විදුලි ගාස්තුව සියයට 22.5 කින් අඩු කළ බවත් මහජන උපයෝගීතා කොමිසම අද (15) පස්වරුවේ නිවේදනය කළේය.
අඩු කළ විදුලි ගාස්තුව හෙට (16) සිට ක්රියාත්මක වන බවද එම කොමිසම සඳහන් කළේය.
ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සියයට 30 කින්ද, හෝටල් සහ කර්මාන්ත අංශයේ විදුලි ගාස්තුව සියයට 25 කින්ද අඩු කළ බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.


