(විරාන් සවිතු)
බෝනොවන රෝගවලින් පෙළෙන මෙරට ජනතාව පිළිබඳව අවදානය යොමු කර කටාර් පුණ්‍යායතනය හෘද සහ ස්වසන රෝගීන්ට අවශ්‍ය රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් රජයේ රෝහල් වෙත පිරිනැමීය.
එම ඖෂධවලින් මෙරට හෘද සහ ස්වසන රෝගීන් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට සහන සැළසෙන බවත් කටාර් පුණ්‍යායතනය ඉදිරියටත් මෙවැනි ආකාරය ප්‍රදානයක් කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවා වැඩිදියුණුව, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයේ අගය ප්‍රදර්ශනය කිරීම සඳහා කටාර් වැසියන් ශ්‍රී ලාංකික ජනතාව මෙම පරිත්‍යාගයක් කරන බවත් කටාර් පුණ්‍යායතනය කීය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. ජී. මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න යන මහත්වරු එම ඖෂධ ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


