(ෂෙවෝන් ප්‍රනාන්දු)
ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී විස්සයි20 තරග සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් නොකරන බවත් ඒ හේතුවෙන් එළඹෙන ඉන්දීය සංචාරයට මැතිව්ස් ඇතුළත් නොකළ බවත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා අද (24) පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උපුල් තරංග මහතා එසේ සඳහන් කළේය.
තේරීම් කමිටුවට පත්වූ පසුව ඇන්ජලෝ මැතිව්ස් සමඟ පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව කථා කළ බවත් මැතිව්ස් ඊළඟ ලෝක කුසලාන තරගාවලියේ සැලැස්මේ නොමැති බවත් තරංග මහතා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව කී උපුල් තරංග මහතා තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානයට ක්‍රීඩකයන් කීපදෙනෙක් පිළිබඳව අවදානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.


