(ඔගස්ටා පෙරේරා)
එක්සත් ජාතික පක්ෂයේ නායක, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් අද (26) පෙරවරුවේ තැන්පත් කළ බව ජනාධිපති නීතිඥ රොනල්ඩ් ඩී.පෙරේරා මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂකත්වයට අදාල ලියකියවිලි රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ භාරදුන් බව ද ජනාධිපති නීතිඥ රොනල්ඩ් ඩී.පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


