(ෂෙවෝන් ප්රනාන්දු, පල්ළෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ සිට..)
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ළෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ අද (27) රාත්රී පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක්රීඩකයෝ ලකුණු 43 ක පහසු ජයක් ලැබූහ.
ජයග්රහණය සඳහා ලකුණු 214ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා පිල ඕවර 19.2 කදී ලකුණු 170 කට සීමා විය.
ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (79) සහ කුසල් මෙන්ඩිස් (45) දියත් කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්රී ලංකාව 14 වැනි ඕවරය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 140 ක් රැස්කර සිටියේය. මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්රී ලංකාවට පරාජය වැළඳ ගැනීමට සිදුවූ අතර පළමු පිතිකරුවන් හතර දෙනා හැරෙන්නට සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 6 ට වැඩියෙන් රැස්කිරීමට අසමත් වූහ.
ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලු 7 ට 213
(යෂාස්වි ජයිස්වාල් 40, ෂුබ්මන් ගිල් 34, සූර්යකුමාර් යාදේව් 58, රිෂාඩ් පාන්ට් 49, ඩිල්ෂාන් මධුසංඛ 45/1, වනිඳු හසරංග 28/1, මතීෂ පතිරණ 40/4, අසිත ප්රනාන්දු 47/1)
ශ්රී ලංකා පිල ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 170
(පැතුම් නිස්සංක 79, කුසල් මෙන්ඩිස් 45, කුසල් පෙරේරා 20, කමිදු මෙන්ඩිස් 12, අර්ෂ්දීප් සිං 24/2, අෂ්යර් පටෙල් 38/2, රියාන් පරග් 5/3)


