(ෂෙවෝන් ප්‍රනාන්දු, රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය කාන්තා පිල අතර දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 දී කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත් විය.
ප්‍රවේගකාරී පිතිකාරී ස්මිත්‍රි මන්ධනා පන්දු 47 කින් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් කාවුර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ට 165
(ස්මිත්‍රි මන්ධනා 60, රිචා ගෝෂ් 30, ජෙමීමා රොද්‍රිගස් 29, ශෆාලි වර්මා 16, හර්මන්ප්‍රිට් කාවුර් 11, කවීෂා දිල්හාරි 36/2, චමරි අතපත්තු 28/1, උදේෂිකා ප්‍රබෝදනී 27/1, සචිනි නිසංසලා 20/1)


