(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ඉන්දීය පිල කඩුලු 7 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) ජය ලැබීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීය.
ඉන්දීය පිල ලකුණු 78 ක ජයග්රාහි ඉලක්කය ඕවර 6.3 කදී කඩුලු 3 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඉන්දීය ඉනිමේ පළමු ඕවරයේදී වර්ෂාව පතිත වීමෙන් තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉන්දියාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 8 කදී ලකුණු 78 ක ඉලක්කය සම්පූර්ණ කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 9 ට 161
(පැතුම් නිස්සංක 32, කුසල් පෙරේරා 54, කමිඳු මෙන්ඩිස් 26, චරිත් අසලංක 14, රමේෂ් මෙන්ඩිස් 12, අර්ෂ්දීප් සිං 24/2, රවී බිෂ්නෝයි 26/3, හර්ද්‍රික් පාණ්ඩියා 24/2)
ඉන්දියාව ඕවර 6.3 කදී කඩුලු 3 ට 81
(යෂාස්වි ජයිස්වාල් 30, සුර්යකුමාර් යාදේව් 26, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 22, මහීෂ් තීක්ෂණ 16/1, මතීෂ පතිරණ 18/1, වනිඳු හසරංග 34/1)


