ශ්‍රී ලංකාව ජයග්‍රහණයට සමීප වෙයි

(ෂෙනික ගමගේ) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (22) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට නවසීලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 207 ක් රැස්කරමින් ජයග්‍රහණයට තවත් ලකුණු 68 ක් පසු පසින් සිටියේය. අද දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට රවීන් රවින්ද්‍ර (නොදැවී 91) සහ අජාස් පටෙල් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ. තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 237 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 309 කට සීමාකිරීමට නවසීල්න්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී ලකුණු 274 ක වාසියක් ලබාගත් අතර නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් භාරවිය. මැතිවරණයට පසුව ඊයේ රාත්‍රී සිට අද (22) මධ්‍යහන 12.00 දක්වා ඇඳිරිනීතිය පනවා තිබීම නිසා තරගය අද දිනයේ ප්‍රේක්‍ෂකයන්ගෙන් තොරව පැවැත්වීම කැපී පෙනුණි. හෙට (23) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි. ලකුණු පුවරුව ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 91.5 කදී සියලු දෙනා දැවී 305 (පැතුම් නිස්සංක 27, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50, විලියම් ඕරූක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලේන් පිලිපප්ස් 52/2) නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 90.5 කදී සියලු දෙනා දැවී 340 (ටොම් ලෙතම් 70, කේන් විලියම්සන් 55, රවීන් රවින්ද්‍ර 39, ඩැරිල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩල් 25, ග්ලේන් පිලිප්ස් නොදැවී 49, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3, ප්‍රභාත් ජයසූරිය 136/4) ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 94.2 කදී සියලු දෙනා දැවී 309 (දිමුත් කරුණාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් 50, ධනංජය සිල්වා 40, කුසල් මෙන්ඩිස් 23, විලියම් ඕරූක් 49/3, අජාස් පටෙල් 90/6) නවසීලන්ත පිල දෙවැනි ඉනිම ඕවර 68 කදී කඩුලු 8 ට 207 (ටොම් ලෙතම් 28, කේන් විලියම්සන් 30, රවීන් රවින්ද්‍ර නොදැවී 91, ටොම් බ්ලන්ඩල් 30, රමේෂ් මෙන්ඩිස් 83/3, ප්‍රභාත් ජයසූරිය 66/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.