ක්රීඩා, දේශීය පුවත්
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල තරග හතරම පරාජය වෙයි
(ෂෙවෝන් ප්රනාන්දු)
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර සාජා ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (12) පැවති තරගයෙන් නවසීලන්ත ක්රීඩිකාවෝ කඩුලු 8 ක පහසු දෙයක් ලැබීමට සමත් වූහ.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම මෙම පරාජයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ තරග හතරම පරාජයට පත් වූ අතර ඒ අනුව පළමු කාණ්ඩයේ පස්වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයට පත්විය.
ශ්රී ලංකාවට මෙම පරාජයත් සමඟ මීළඟ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට ක්රීඩා කිරීමට නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ජයග්රහණය කිරීමට සිදුවේ.
නවසීලන්ත පිල ලකුණු 116 ක ජයග්රාහී ඉලක්කය ඕවර 17.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
චමරි අතපත්තු පන්දු 41 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරි අතපත්තු කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තාය.
ලකුණු පුවරුව
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 5 ට 115
(චමරි අතපත්තු 35, හර්ෂිතා මාධවී 18, නිලක්ෂි සිල්වා නොදැවී 14, අමා කාංචනා නොදැවී 10, ලීග් කැස්පරෙක් 27/2, අමීලියා කීර් 13/2)
නවසීලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම ඕවර 17.3 කදී කඩුලු 2 ට 118
(සුසී බාටිස් 17, ජෝර්ජයා ප්ලිම්මර් 53, අමීලියා කීර් නොදැවී 34, සොපී ඩෙවිනි නොදැවී 13, සචිනි නිසංසලා 24/1, චමරි අතපත්තු 8/1)


