ක්රීඩා
ශ්රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
(ෂෙනික ගමගේ)
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (9) පැවති පළමු වටයේ තරගයෙන් ඉන්දීය ක්රීඩිකාවෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජයට පත් වූ අතර ඒ අනුව ශ්රී ලංකා පිලට සුපුරුදු පරිදි ලෝක කුසලාන තරගාවලිය පළමු වටයෙන්ම ඉවතට විසීමට සිදුවිය.
ජයග්රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ඕවර 19.5 කදී ලකුණු 90 කට සීමාවිය.
ශ්රී ලංකා ප්රබලතම පිතිකාරියන් වන විශ්මි ගුණරත්න (0), චමරි අතපත්තු (1) සහ හර්ෂිතා මාධවී (3) අසාර්ථකවීමෙන් පරාජය බරපතල විය.
හර්මන්ප්රිත් කොවුර් (නොදැවී 52) සහ ස්මිත්රි මන්දානා (50) අර්ධ ශතක රැස් කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්යාව දක්වා ඉන්දීය පිල ගෙන ඒමට සමත් වූහ.
හර්මන්ප්රිට් කාවුර් වේගවත් ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 27 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත් වූවාය.
ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 3 ට 172
(ශෆාලි වර්මා 43, ස්මිත්රි මන්දානා 50, හර්මන්ප්රිත් කොවුර් නොදැවී 52, ජෙමීමා රොද්රිගස් 16, චමරි අතපත්තු 34/1, අමා කාංචනා 29/1)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 90
(කවීෂා දිල්හාරි 21, අනුෂ්කා සංජීවනී 20, රෙනුකා සිං 16/1, ශරියන්කා පටෙල් 15/1 ආශා සෝභනා 19/3, අරුන්දතී රෙඩි 19/3)


