(ෂෙනික ගමගේ, රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අද (13) රාත්‍රී පැවැති පළමු තරගයෙන් කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 5 ක පහසු ජයක් ලැබූහ. කොදෙව් පිල ලකුණු 180 ක ඉලක්කය ඕවර 19.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. කොදෙව් ආරම්භ පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං සහ ඒවින් ලුවිස් ලකුණු 107 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්වයකට ගෙන ඒමට සමත් වූහ. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කමිදු මෙන්ඩිස් (51) සහ චරිත් අසලංක (59) අර්ධ ශතක රැස්කරමින් සිව්වැනි කඩුලුට ලකුණු 82 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. කමිදු මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය. නායක චරිත් අසලංක පන්දු 35 කින් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 179 (කුසල් මෙන්ඩිස් 19, කමිදු මෙන්ඩිස් 51, චරිත් අසලංක 59, භානුක රාජපක්ෂ 17, රොමාරියෝ ෂෙපර්ඩ් 39/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.1 කදී කඩුලු 5 ට 180 (බ්‍රෙන්ඩන් කිං 63, ඒවින් ලුවිස් 50, රොස්ටන් චේස් 19, ෂෙර්ෆාන් රුතර්ෆෝඩ් නොදැවී 14, රෝමන් පවෙල් 13, වනිඳු හසරංග 38/1, මතීෂ පතිරණ 27/2, කමිදු මෙන්ඩිස් 14/1, මහීෂ් තීක්ෂණ 31/1)


