ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

(ෂෙනික ගමගේ, රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 73 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස සම තත්වයට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 16.1 කදී ලකුණු 89 කට සීමා විය. දුනිත් වෙල්ලාලගේ අනගි පන්දු යැවීම නිරතවෙමින් ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. පැතුම් නිස්සංක පන්දු 49 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 5 ට 162 (පැතුම් නිස්සංක 54, කුසල් මෙන්ඩිස් 26, කුසල් පෙරේරා 24, කමිදු මෙන්ඩිස් 19, රොමාරියෝ ෂෙෆඩ් 23/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 89 (ෂෙර්ෆාන් රුතර්ෆෝඩ් 14, රෝමන් පවෙල් 20, අල්ෂාරි ජෝශප් 16, මතීෂ පතිරණ 7/2, දුනිත් වෙල්ලාලගේ 9/3 චරිත් අසලංක 6/2, වනිඳු හසරංග 32/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.