ක්රීඩා
එංගලන්තය වසර 14 කට පසු පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
(ෂෙවෝන් ප්‍රනාන්දු)
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14 කට පසුව විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු වටයෙන්ම අද (15) ඉවතට විසිවිය.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩුබාහිදී අද පැවති මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී කඩුලු 6 කින් පරාජය වීමත් සමඟ එංගලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.
බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය තරග තුන බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකරගත්තේය. ඒ අනුව ශුද්ධ ලකුණු වේගය අනුව කොදෙව් සහ දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවිය.
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ පළමු ලෝක කුසලාන තරගාවලිය ශූරියන් බවට පත්වීමෙන් පසුව 2010 තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත්විය. එංගලන්තය ඉන්පසුව පැවැති තරගාවලිය හයේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින් අවස්ථාව තුනකදී අනුශූරයන් බවට ද පත්විය.


