දේශීය පුවත්, ප්‍රධාන පුවත
මාලිමාව ඉතිහාසය අලුතෙන් ලියයි
(ඔගස්ටා පෙරේරා)
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන 159 ක් දිනාගනිමින් තුනෙන් දෙකටවත් එහා ගිය දැවැන්ත බලයක් ලබාගැනීමට සමත් විය.
එහිදී ජාතික ජනබලවේගයට ඡන්දයෙන් මන්ත්‍රී ආසන 141 ක් ද, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 18 ක් ද, ලෙස සමස්ත මනත්ී ආසන 159 වාර්තා කළේය.
ශ්‍රී ලංකා මැතිවරණ ක්‍රමයට සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වාදීමෙන් පසුව දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ ආසනවලින් තුනෙක් දෙකක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.
සමගි ජන බලවේගයට එම ඡන්දය ප්‍රතිඵල අනුව මන්ත්‍රී ආසන 35 ක් ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 5 ක් ද, ලෙස සමස්ත ආසන 40 ක් හිමිවිය.
ඉලංගගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂය ඡන්දයෙන් ආසන 7 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සමගින් මන්ත්‍රී ආසන 8 ක් හිමිකර ගනිමින් තුන්වැනි ස්ථානයට වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබූ පක්‍ෂය බවට පත්විය.


