
ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකාව ලකුණු 610 ක් පසුපසින්
(ෂෙවෝන් ප්‍රනනා්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් අතැතිව තවත් ලකුණු 610 ක් පසුපසින් සිටියේය.
දෙවැනි දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට කමිඳු මෙන්ඩිස් (නොදැවී 13) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 9) පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 ක් රැස්කර සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න පන්දු 13 කින් ඉනිම අවසන් කරමින් ලකුණු 7 කට දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු (7) දෙවැනි ඕවරයේදී දැවී ගියේය.
පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් රැස්කර සිටි ඕස්ටේ්‍රලියානු පිල කඩුලු 6 ක් දැවී ලකුණු 654 ක් රැස්කර අද පස්වරුවේ ඉනිම අත්හිටුවීය.
ආරම්භක පිතිකරු උස්මාන් කවාජා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ද්විත්ව රැස්කළ අතර මෙය කවාජාගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි. කවාජා පන්දු 352 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 232 ක් රැස්කිරීමට සමත් විය.
ඕස්ටේ්‍රලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් පන්දු 251 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 141 ක් රැස්කළේය.
ජෝෂ් ඉංග්ලිෂ් පන්දු 94 කින් රැස්කළ ලකුණු 102 ක හේතුවෙන් ඕස්ටේ්‍රලියාවට වඩාත් ඉක්මණින් ලකුණු 600 ඉක්මවා යෑමට හැකිවිය.
හෙට (31) තරගයේ තෙවැනි දිනයයි.
ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම ඕවර 154 කදී කඩුලු 6 ට 654
(උස්මාන් කවාජා 232, ට්‍රැවිස් හෙඩ් 57, මානස් ලැබුෂේන් 20, ස්ටීවන් ස්මිත් 141, ජෝෂ් ඉංග්ලිෂ් 102, ඇලේස් කේරී නොදැවී 46, බියු වෙබ්ස්ටර් 23, මිචෙල් ස්ටාක් නොදැවී 19, ප්‍රභාත් ජයසූරිය 193/3, ජෙෆ්රි වැන්ඩසේ 182/3)
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 15 කදී කඩුලු 3 ට 44
(කමිඳු මෙන්ඩිස් නොදැවී 13)




