ඕස්ටේ්‍රලියාව ලකුණු 73 ක් ඉදිරියෙන්

(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (7) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ඕස්ටේ්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 330 ක් රැස්කර සිටියේය. ඕස්ටේ්‍රලියාව ඒ අනුව කඩුලු 7 ක් අතැතිව ලකුණු 73 ක් ඉදිරියෙන් සිටියේය. දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ස්ටීවන් ස්මිත් (නොදැවී 120) සහ ඇලෙක්ස් කේරි (නොදැවී 139) පන්දුවට පහර දෙමින් සිටියහ. නායක ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි සිවුවැනි කඩුල්ලට ලකුණු 239 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. තරගයේ පළමු දිනය වූ ඊයේ ක්‍රීඩාව නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිල අද පෙරෙවරුවේ ලකුණු 257 කට සීමාවිය. කුසල් මෙන්ඩිස් ඉනිමේ ඉහළතම ලකුණුලාභියා බවට පත්වෙමින් පන්දු 139 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස්කළේය. අද (8) තරගයේ තෙවැනි දිනයයි. ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 97.4 කදී සියලු දෙනා දැවී 257 (දිමුත් කරුණාරත්න 36, දිනේෂ් චන්දිමාල් 74, කුසල් මෙන්ඩිස් නොදැවී 85, රමේෂ් මෙන්ඩිස් 28, මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කුනේමන් 63/3, නේතන් ලයන් 96/3) ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම ඕවර 80 කදී කඩුලු 3 ට 330 (ට්‍රැවිස් හෙඩ් 21, උස්මාන් කවාජා 36, ස්ටීවන් ස්මිත් නොදැවී 120, ඇලෙක්ස් කේරි නොදැවී 139, නිෂාන් පීරිස් 70/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.