වතුකරයේ අමුතු පාසල් වර්ගයක්

(සාලිය සමන්) වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35 ක දරුවන් වැසි කාලයේ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් අධ්‍යාපන කටයුතු කරන බවත් වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. එම පාසල් අවදානමෙන් ගලවා ගැනීම සඳහා ඉදිරියේදී කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය. මලෛයග තමිළර් ප්‍රජාව සමඟ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා එසේ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.